ඇමරිකානු සම්බාධකවලට යටත්ව ඇති ඉරාන ධජය යටතේ ක්‍රියාත්මක වන දැවැන්ත බොරතෙල් ටැංකි (VLCC) රැසක් ගාල්ල වරායට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා සීමාවෙන් ඔබ්බෙහි නැංගුරම්ලා රඳවා සිටීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
මෙම නෞකා සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් හෝ විදේශ අමාත්‍යාංශය විසින් මෙතෙක් නිල වශයෙන් තොරතුරු දැනුම් දී නොමැති බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිති රුවන් කොඩිތුවක්කු මහතා පවසයි. කෙසේ වෙතත්, එවැනි සම්බාධක ලැයිස්තුගත නෞකා වෙත සේවා සපයන හෝ ඊට සහයෝගය දක්වන දේශීය පෞද්ගලික සමාගම් සහ බැංකු පද්ධති මඟින් ඇමරිකානු සම්බාධක උල්ලංඝනය කිරීමේ අවදානමකට මුහුණ දීමට ඉඩ ඇති බවට නිරීක්ෂකයෝ අනතුරු අඟවති.
පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ආරක්ෂක අංශ විසින් අදාළ නෞකා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
















