ඉරානය සහ ඊශ්‍රායලය/ඇමරිකාව අතර පවතින උණුසුම් යුද වාතාවරණය සහ ආරක්ෂක හේතූන් මත පදනම්ව, ලබන අප්‍රේල් 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉරානයේ සියලුම පාසල් අධ්‍යාපන කටයුතු මාර්ගගත (Online) ක්‍රමවේදයට මාරු කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කර ඇති පරිදි, මෙම තීරණය නැවත දැනුම් දෙන තුරු සියලුම ශ්‍රේණි සහ අධ්‍යාපන මට්ටම් සඳහා බලපැවැත්වේ.
මීට පෙර අප්‍රේල් 04 වන දින සිට ඉරානයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ද මෙලෙස අතථ්‍ය ඉගෙනුම් ක්‍රමවේදයට (Virtual Education) මාරු කරනු ලැබීය. කලාපීය වශයෙන් පවතින මිසයිල ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














