ඉරානයේ නව උත්තරීතර නායකයා (Supreme Leader) ලෙස පත්වූ මොජ්තබා ඛමේනි (Mojtaba Khamenei) පසුගිය මාර්තු මාසයේ සිට ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බවත්, ඔහු දැනට රහසිගත ස්ථානයක පසුවන බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් වාර්තා කරයි. යුද ප්‍රහාරවලින් මියගිය ඔහුගේ බිරිඳගේ සහ පුත්‍රයාගේ අවමංගල්‍ය උත්සවවලට මෙන්ම ඔහුගේ පියාගේ (අයතුල්ලා අලි ඛමේනි) අවමංගල්‍ය උත්සවයට පවා සහභාගී වීම ආරක්ෂක අංශ විසින් වළක්වා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර එල්ලවීමේ දැඩි අවදානම හේතුවෙනි.
මේ අතර, ඉරාන රජය තුළ ප්‍රගතිශීලී (Pragmatist) පාර්ශවය සහ දැඩි මතධාරීන් (Hardliners) අතර දැඩි බල අරගලයක් නිර්මාණය වී තිබේ. ඝාලිබාෆ් (Ghalibaf) සහ පෙසෙෂ්කියන් (Pezeshkian) ඇතුළු පිරිස ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ 12-1 ක බහුතර ඡන්දයෙන් නව අවබෝධතා ගිවිසුමකට (MOU) අනුමැතිය ලබාගෙන ඇති අතර, දැඩි මතධාරීන් විසින් රජයේ රූපවාහිනී නාලිකා ඔස්සේ ඔවුන් “ද්‍රෝහීන්” ලෙස හඳුන්වමින් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටියි. ඇතැම් දේශපාලනඥයින් ඉරානය තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර ඇති අතර, ඉදිරියේදී අධිකරණය සහ ආරක්ෂක අංශ සඳහා සිදුවන ඉහළ පෙළේ පත්වීම් මත ඉරානයේ ඉදිරි දේශපාලන ගමන තීරණය වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















