මැදපෙරදිග කලාපයට බෝම්බ සහ බිම්බෝම්බ ඉවත් කරන නෞකා (Minesweepers) එවීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සුරක්ෂිත කිරීමට සහාය වීමටත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉදිරිපත් කළ යෝජනාවට ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිවරයා දැඩි ප්‍රතිචාර දක්වා තිබේ. “හෝමුස් සමුද්‍ර සන්ධිය යනු බාහිර බලවතුන්ට සිය මිලිටරි බලය පෙන්වීමට ඇති රංග පීඨයක් නොවේ” යැයි පවසන ඔහු, මෙම සන්ධියේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම සහ සහතිකය ඇත්තේ එහි වෙරළබඩ රටවලට පමණක් බව අවධාරණය කරයි. ඕනෑම විදේශීය මිලිටරි ක්‍රියාකාරකමක් දෙස ඉරානය දැඩි සංවේදිතාවයකින් යුතුව බලා සිටින බවත්, මෙවැනි අනවශ්‍ය මැදිහත්වීම් හරහා අර්බුද නිර්මාණය කරන පාර්ශවයන්ට එහි බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















