ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති වීමට නියමිත ඓතිහාසික සාම ගිවිසුමේ අවසන් තාක්ෂණික කටයුතු නිම වෙමින් පවතින බවත්, ඉතා කෙටි කලක් ඇතුළත එය “ඩිජිටල් ක්‍රමයට දුරස්ථව” (Digitally and Remotely) මුල් අදියරේදී අත්සන් කිරීමට නියමිත බවත් ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි (Araghchi) තහවුරු කරයි. දෙපාර්ශවය අතර පවතින සියලුම ප්‍රධාන එකඟතාවන් මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බැවින්, ඉදිරි දින කිහිපය ඇතුළත ගිවිසුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති මෙම ඩිජිටල් අත්සන් තැබීමෙන් පසුව, දෙරටේ රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නිල උත්සවයකදී ගිවිසුම ස්ථීර කිරීමට නියමිතය. මෙමඟින් වසර ගණනාවක් පුරා මැදපෙරදිග කලාපයේ පැවති මිලිටරි නොසන්සුන්තාව මෙන්ම පනවා තිබූ දැඩි ආර්ථික සම්බාධක ලිහිල් වීමේ නව ප්‍රවණතාවක් ඇති වනු ඇතැයි ලෝක දේශපාලන විචාරකයෝ අපේක්ෂා කරති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















