ඉරාන යුද්ධය ඉතා ඉක්මනින් අවසන් විය යුතු බවත්, ඒ සඳහා එකඟතාවයකට පැමිණීමට ඉරානය සූදානමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක වන පසුබිමක, ටෙහෙරානයට හිතවාදී හෙස්බොල්ලා සංවිධානයට ද සිය ප්‍රහාර නතර කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. දෙපාර්ශවය අතර මීළඟ තීරණාත්මක සාකච්ඡාව එළඹෙන සති අන්තයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද ජනාධිපතිවරයා ඉඟි කර ඇත.
ඉස්ලාමාබාද් නුවරදී මෙම එකඟතාවය අත්සන් කිරීමට හැකි වුවහොත් තමන් එහි සංචාරය කිරීමට සූදානම් බව ට්‍රම්ප් පවසා ඇති අතර, දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරි දින කිහිපයේදී අත්සන් කිරීමට නියමිත බව පාකිස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මූලිකත්වය ගෙන සාකච්ඡා පවත්වන අතර, දින 60ක් ඇතුළත සම්පූර්ණ සාම ගිවිසුමකට එළඹීමට පාර්ශවයන් බලාපොරොත්තු වේ. සටන් විරාමය ආරම්භ වීමත් සමඟ අවතැන් වූ ලෙබනන වැසියන් සිය නිවෙස් බලා යාම ආරම්භ කර ඇති අතර, කලාපීය ස්ථාවරත්වය පිළිබඳ නව බලාපොරොත්තුවක් මේ වන විට ගොඩනැගී තිබේ.














