ඉරාන යුද්ධය හේතුවෙන් ප්ලාස්ටික් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීම නිසා ආසියානු කලාපය තුළ ප්ලාස්ටික් ඇසුරුම් හිඟයක් නිර්මාණය වී තිබේ මැදපෙරදිගින් ලැබෙන බොරතෙල් සහ පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය සීමා වීම නිසා ප්ලාස්ටික් මිල වසර හතරකට පසු වාර්තා වූ උපරිම මට්ටමට ඉහළ ගොස් ඇත මේ හේතුවෙන් දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල නිෂ්පාදනය කරන කඩදාසි සහ උණ බම්බු ආශ්‍රිත පරිසර හිතකාමී ඇසුරුම් සඳහා පවතින ඉල්ලුම තෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි
ජපානයේ ප්ලාස්ටික් බෑග් සහ ඇසුරුම් නිෂ්පාදනය කරන සමාගම් ඉදිරි සති කිහිපය තුළ සිය නිෂ්පාදන මිල 30% කින් පමණ ඉහළ දැමීමට තීරණය කර තිබේ මීට අමතරව මලයාසියාවේ කිරි නිෂ්පාදන සමාගම් ද ප්ලාස්ටික් වෙනුවට කඩදාසි ඇසුරුම් භාවිතයට තාවකාලිකව යොමු වී ඇත යුද්ධය වැනි අවාසනාවන්ත තත්ත්වයක් හමුවේ වුව ද දශක ගණනාවක් තිස්සේ පරිසරවේදීන් උත්සාහ කළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ඉලක්කය කරා ලෝකය යොමු වීමට මෙය එක්තරා අතකින් රිදී රේඛාවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති














