ලෙබනනයේ ක්‍රියාත්මක ඉශ්‍රායල සහ හෙස්බොල්ලා ගැටුම් අතරතුර එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ඝාතනය කිරීම බ්‍රිතාන්‍යය කැනඩාව සහ ජපානය ඇතුළු රටවල් රැසක් එක්ව දැඩි ලෙස හෙළා දැක තිබේ ලෙබනනයේ දිනෙන් දින දරුණු වන මානුෂීය අර්බුදය සහ සිවිල් වැසියන් අවතැන් වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එම රටවල් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි පසුගිය මාසයේදී සාම සාධක භටයන් තිදෙනෙකු මියගිය අතර එය ඉශ්‍රායල ප්‍රහාරයක් සහ හෙස්බොල්ලා සංවිධානය අටවා තිබූ බෝම්බයක් නිසා සිදු වූවක් බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත
මේ අතර ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති ‘Rich Starry’ නමැති තෙල් නැව හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ඇමරිකානු නාවික අවහිරය බිඳ දැමීමට අපොහොසත් වීම නිසා අද (15) යළිත් සමුද්‍ර සන්ධිය දෙසට හැරී ඇති බව නාවික දත්ත වාර්තා පෙන්වා දෙයි ඉරාන වරායන් වෙත යාමට උත්සාහ කරන නෞකා පරීක්ෂා කිරීම සහ අවහිර කිරීම ඇමරිකානු හමුදාව විසින් දැඩිව ක්‍රියාත්මක කරන අතර මෙම නෞකාවට ද එම කලාපයෙන් පිටවීමට නොහැකි වී තිබේ














