ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ඉරානයේ යාස්ඩ් (Yazd) පළාතේ ජනාවාස ප්‍රදේශයකට පතිත වී අඩි 42ක් (මීටර 13ක්) ගැඹුරට පස් යට වැළලී තිබූ, පිපිරී නොගිය GBU වර්ගයේ ‘බංකර් බස්ටර්’ (Bunker Buster) බෝම්බයක් සාර්ථකව නිෂ්ක්‍රීය කර ඉවත් කළ බව ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කරයි. යාස්ඩ් පළාත් නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා සඳහන් කළේ යුද සමයේදී එල්ල වූ මෙම ප්‍රබල බෝම්බය නේවාසික ප්‍රදේශයකට පතිත වුවද එය පිපිරීමට ලක් නොවී පොළොව අභ්‍යන්තරයේ රැඳී තිබූ බවයි.
ඉතා අවදානම් සහගත වූ මෙම මෙහෙයුම ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ යාස්ඩ් පළාත් බෝම්බ නිෂ්ක්‍රීය අංශ ඒකාබද්ධව සිදුකර ඇති අතර, මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබේ. භූගත ඉලක්ක විනාශ කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙවැනි බෝම්බයක් ජනාවාසයක් මධ්‍යයේ තිබී හමුවීම දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි.














