ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය සහ භෞතික සම්පත් ඉහළ නැංවීම සඳහා පළාත් සභා නවයට රුපියල් මිලියන 3600ක මුදලක් ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම කොළඹදී සිදු විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා අතර ඇති කරගත් මෙම එකඟතාවය අනුව, එක් පළාත් සභාවකට වසරකට රුපියල් මිලියන 400 බැගින් ප්‍රතිපාදන හිමි වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 1700කට ආසන්න ප්‍රමාණයක භෞතික සම්පත් වැඩිදියුණු කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් මෙම ගිවිසුම්වලට අත්සන් තැබූහ. ජනතාවට වඩාත් විධිමත් හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙහි මූලික අරමුණයි.
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය මගින් මූල්‍ය දායකත්වය සපයන මෙම පස් අවුරුදු ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් බිලියන 50කි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් මෙරට ග්‍රාමීය සෞඛ්‍ය සේවාවේ විශාල පිම්මක් අපේක්ෂා කෙරේ.














