ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවත්වනු ලබන ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී යුද වන්දි ඉල්ලා සිටීමට ඉරාන රජය තීරණය කර ඇති බව එරට රජයේ ප්‍රකාශක ෆාතිමා මොහජරානි (Fatemeh Mohajerani) ප්‍රකාශ කර තිබේ. දැනට සිදුකර ඇති මූලික ඇස්තමේන්තුවලට අනුව යුද්ධය හේතුවෙන් ඉරානයට සිදුව ඇති හානිය ඇමරිකානු ඩොලර් බිලියන 270ක් පමණ වන බව ඇය පෙන්වා දුන්නාය. මෙය මූලික ගණනය කිරීමක් පමණක් වන අතර ඉදිරියේදී මෙම අගය තවදුරටත් වෙනස් විය හැකි බවත්, ඉදිරි සාකච්ඡාවලදී මෙම වන්දි ඉල්ලීම ඉරානය ඉදිරිපත් කරන ප්‍රධානතම කරුණක් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














