චීනය සිය අභ්‍යවකාශ තාක්ෂණය තවදුරටත් පුළුල් කරමින් චන්ද්‍රිකා අටක් රැගත් ‘Lijian-1 Y12’ රොකට්ටුව අද (14) සාර්ථකව ගුවන්ගත කර තිබේ. වයඹදිග චීනයේ ඩොන්ග්ෆෙන්ග් වාණිජ අභ්#lkalonghorn කාශ නවෝත්පාදන නියමු කලාපයේ සිට බීජිං වේලාවෙන් පස්වරු 12:03ට මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර, අදාළ චන්ද්‍රිකා අටම නියමිත කක්ෂයන් වෙත සාර්ථකව යොමු කිරීමට හැකි වූ බව චීන බලධාරීන් තහවුරු කර ඇත. මෙය චීනයේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














