ඉරාක අගමැති අලි අල්-සායිදි මහතාගේ අමෙරිකානු සංචාරය අතරතුර, එරට රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් අමෙරිකානු සමාගම් සමඟ ගිවිසුම්, අවබෝධතා ගිවිසුම් සහ සහයෝගීතා ප්‍රකාශන 48කට අත්සන් තබා තිබේ. බලශක්ති, විදුලිබල, සෞඛ්‍ය සහ තාක්ෂණික ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අත්සන් තැබූ මෙම ගිවිසුම්වල සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60 ඉක්මවන බව වාර්තා වේ. එක්සන් මොබිල්, කේ.බී.ආර්, ජී.ඊ වෙර්නෝවා, ෂෙල් සහ හැලිබර්ටන් වැනි ප්‍රධාන පෙළේ අමෙරිකානු සමාගම් සමඟ මෙම හවුල්කාරීත්වයන් ඇති කරගෙන ඇත.
මෙම ගිවිසුම් අතරින් වඩාත් වැදගත්ම ව්‍යාපෘතිය වන්නේ ඉරානයේ සිට සිරියාව හරහා මධ්‍යධරණී මුහුදේ පිහිටි බානියාස් වරාය දක්වා දිවෙන, වසර ගණනාවක් අක්‍රියව පැවැති බොරතෙල් නළ මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීමයි. අමෙරිකානු බලශක්ති සමාගමක් වන ‘චෙව්රොන්’ (Chevron) ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එය සම්පූර්ණ වූ පසු දිනකට බොරතෙල් බැරල් මිලියන දෙකක ප්‍රමාණයක් අපනයනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන තෙල් ප්‍රවාහනයට ඇති වී තිබෙන බාධා මගහැර යමින්, විකල්ප බලශක්ති මාර්ගයක් සකසා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.















