සෞදි අරාබිය ඉලක්ක කර ගනිමින් මෑතකදී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර ඉරාකයෙන් දියත් කරන ලද බවට විමර්ශනවලදී තහවුරු වීමත් සමඟ, ඉරාක හමුදා தளපතියකු වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් පහ කර තිබේ. ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙම පියවර දැක්වේ.
දකුණු ඉරාකයේ මයිසාන් (Maysan) පළාතේ ආරක්ෂක මෙහෙයුම් මෙහෙයවූ අදාළ හමුදා නිලධාරියා මෙලෙස ඉවත් කර ඇත්තේ සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නල මාර්ගය ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමඟ ආරම්භ කෙරුණු පරීක්ෂණවලට ප්‍රතිචාර ලෙසය.













