ඉශ්‍රායල ජාතික පාපන්දු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ඉදිරි ජාත්‍යන්තර තරගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් අයර්ලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160කට වැඩි පිරිසක් එරට පාපන්දු සම්මේලනය වෙත බලපෑම් කර තිබේ.
මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ මෙය ඉශ්‍රායල ක්‍රීඩකයින්ගේ පෞද්ගලික වරදක් නිසා සිදුකරන්නක් නොව, ගාසා තීරයේ සිදුවන මානුෂීය අර්බුදය හමුවේ ඉශ්‍රායල රාජ්‍යය නියෝජනය කරන කණ්ඩායමකට එරෙහිව සිය විරෝධය පළකිරීමේ පියවරක් ලෙස බවයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඉශ්‍රායල පාපන්දු සංගමයසඳහන් කරන්නේ ක්‍රීඩාව යනු දේශපාලනික මතවාදයන්ගෙන් තොර සමගියේ සංකේතයක් විය යුතු බවත්, දේශපාලන ගැටලු වෙනුවෙන් ක්‍රීඩකයින්ට හෝ ක්‍රීඩාවට පීඩනයක් එල්ල කිරීම අනුමත කළ නොහැකි බවත්ය.
















