රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය යෝග්‍යතා සහතිකය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ. ITN වාර්තාවට අනුව මෙම නව ක්‍රමවේදය සැප්තැම්බර් 24 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙතෙක් පැවති වෙන්කිරීමේ ක්‍රමවේදයේ හඳුනාගත් අඩුපාඩු මඟහරවා ගැනීම සහ සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් මෙම වෙනස හඳුන්වා දෙන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කර ඇති බව වාර්තා වේ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දැනට නව රියදුරු බලපත්‍ර ලබාගැනීම, බලපත්‍ර අලුත් කිරීම සහ ඉගෙනුම් බලපත්‍ර ලබාගැනීම සඳහා වෛද්‍ය යෝග්‍යතා සහතික සේවා සපයයි. එම ආයතනයේ නිල තොරතුරු අනුව මෙම වෛද්‍ය සහතිකය සඳහා රුපියල් 1,500ක ගාස්තුවක් අය කෙරේ.
















