27 April 2024
#සංවර්ධන

වාරි කර්මාන්තයට නිසි අවධානයක් යොමුවී නෑ – රාජ්‍ය අමාත්‍ය අනුරාධ පවසයි

පහුගිය කාල වකවානුවල වාරි පද්ධතිය සදහා ඇතැම් ශේත්‍රවලට වලට නිසි අවධානයක් යොමුවී නොතිබුණ බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 04 වනදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලාගම ඇල ප්‍රතිසංස්කරණය කිරීමට ඇති අවශ්‍යතාවය පිලිබඳව සොයා බැලීම සදහා නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා “ පහුගිය කාල වකවානුවල වාරි පද්ධතිය සදහා ඇතැම් ශේත්‍රවලට වලට නිසි අවධානයක් යොමුවී තිබුණේ නැහැ. අද නිරීක්ෂණය කල මේ වාරි පද්ධතියෙත් සමහරවිට මෙහි අයිති කරු කවුරද…මේක හදන්න ඕන කවුද….මේක නඩත්තු කරන්න ඕන කවුද කියල ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්. අතිගරු ජනාධිපතිතුමා මේ වෙන විට අපට රාජ්‍ය අමාත්‍යංශ හරහා මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් ලබාදී තිබෙනවා. සමහර ක්ෂේත්‍ර වලට සමහරක් වගකීම් භාර දීමේදී විෂයයන් හැටියට නම්කරල අතිගරු ජනාධිපතිතුමා අපිට එය භාර දීල තිබෙනවා. ඇල පද්ධතිය,වාරි පද්ධතිය අයිති වන්නේ කුමන රාජ්‍ය ආයතනයකටම වුවත් රටේ ගොවි ජනතාවට අවශ්‍ය වන සහනය සහයෝගය ලබාදීම තමයි අපේ අමාත්‍යංශය මගින් සිදු කරන්නේ. මෙම ඇළ මාර්ගය ඇල මාර්ගය සංවර්ධනය කිරීමට කඩිනම් විසඳුම් ලබා දීම තූළින් කෘෂිකාර්මික වශයෙන් ගොවීන්ට මහත් පිටිවහලක් වන බව මට විශ්වාසයි.
මේ ප්‍රදේශය ගත් කල්හි සංචාරක වශයෙනුත් ලොකු වටිනාකමක් ඇති ප්‍රදේශයක්. ඒ නිසා කෘෂිකර්මාන්තයටත් ගොවීන්ටත් ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට හැකි වන බව මගේ විශ්වාසයයි. වැව හැදෙනකොට ඇල පද්ධතිය සකස් විය යුතුයි.ඒ ඇල සකස්වීමේ දී නිසියාකාරව ජලය බැසයාමේ ක්‍රමවේදය සකස් විය යුතුයි. ඒ වගේම එම වතුර කෘෂිකර්මාන්තයට ගොවියාට ගොවිබිමට නිසියාකාරව ගලා යාමට සැලස්වා ගොවියාට ප්‍රයෝජනවත් වන ආකාරයට හා ඒ තුළින් රටේ සමස්ත නිෂ්පාදනය කෘෂි නිෂ්පාදන ඉහළ යුතුයි. අප සැම විට ම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ම අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ප්‍රාදේශීය ලේකම්, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ස්ථිර ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ගොවි සමිතිවල නායකයින් ප්‍රදේශයේ දේශපාලන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *