• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රී – රොෂාන් ගැටුම මනාප පොරයක්ද ?

13 February 2020
in දේශීය

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මහ මැතිවරණයෙන්  ආසන 150ක් ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 4 ගනු ඇති බවත් පසුව එක්වී ආසන 154ක ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති සමග තමන්ට පොළොන්නරුවේ එක වේදිකාවට නැගීමට නොහැකි බවත් රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සිටීනම් ඔවුන්ට පොහොට්ටුව යටතේ මැතිවරණයට තරඟ කළ හැකි බවද ඔහු පවසා ඇත.

එසේ නොහැකි අයෙකු සිටී නම් කල යුතුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තරග කිරීම බවත් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

පොළොන්නරුවේ බලවතා කවුද ?

දිගින් දිගටම පොදුජන පෙරමුණේ  පොළොන්නරුව  දිස්ත්‍රික් නායකයා ලෙස රොෂාන් රණසිංහ අමාත්‍යවරයා දක්වන හිටපු ජනාධිපති විරෝධය මුලිකවී ඇත්තේ පොළොන්නරුවේ මනාප පොරය බව එම ප්‍රදේශයේ ජනතාවගේ අදහස වී ඇත. පසුගිය සති කිහිපයක සිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ මැතිවරණය ඉලක්ක කර පොළොන්නරුවේ දේශපාලන කටයුතු වැඩි කර ඇති බවත් ඒ අනුව පාක්ෂිකයන්ගේ නිවෙස් වලට වැඩි වැඩියෙන් යෑම දක්නට ලැබුන බවත් ඔවුන් සඳහන් කරයි.

හිටපු ජනාධිපති වීම හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පොළොන්නරුවේ මනාප ලයිස්තුවේ අංක එකට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින අතර දිස්ත්‍රික් නායකයා ලෙස රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට මෙය පීඩනයක් එල්ල කරන්නක් බවත් ජනතාවගේ අදහස වී තිබේ.

පොදුජන පෙරමුණ හරහා තරග කළත් ශ්‍රීලනිප නායකයා ලෙස ප්‍රබල  කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවීම හමුවේ පොදුජන පෙරමුණ පාක්ෂිකයන් මෛත්‍රීපාල සිරිසේනට මනාපයක් ලබාදීමේ ඉඩක් පවතින බවත් ඔවුන්ගේ අදහසය. එසේම දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය රොෂාන් රණසිංහට එම අභියෝගය ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මනාප පොරයක් නෑ – දේශපාලන ප්‍රශ්නයක් 

කෙසේ වෙතත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ තම අමාත්‍යවරයාට හිටපු ජනාධිපති සමඟ කිසිඳු මනාප පොරයක් නොමැති බවය. හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වූ අවස්ථාවේ සිට අමාත්‍යවරයාට ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති පරාජය කිරීම හේතුවෙන් වන දේශපාලන ප්‍රශ්නයක් බවත් ඒ ආරංචිමාර්ග පවසයි.

තවද පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප විරෝධයක සිටින බවත් එබැවින් පාක්ෂිකයන්ද ශ්‍රීලනිප විරෝධීව ඇති බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි. එමෙන්ම ශ්‍රීලනිප අපේක්ෂකයන්ට පොදුජන පෙරමුණේ ලයිස්තුවේ ඉඩදීම හේතුවෙන් මෙතෙක් විපක්ෂයේ සිට ඊට සහය දැක්වූ දේශපාලනඥයන්ට මහ මැතිවරණයට පැමිණීමට ඇති අවස්ථාව අහිමි වන බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Post Views: 5
Previous Post

විශ්‍රාම වැටුප් ගැටලුව විසඳන්න අලුත් කමිටුවක් එයි !

Next Post

නව ව්‍යවස්ථාවකට යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

නව ව්‍යවස්ථාවකට යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved