27 April 2024
#දේශීය

අස්වැසුම නිසා ආණ්ඩු පක්ෂය දෙදරයිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට සැලසුම් කෙරිණි.

මෙය සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීමට තීරණය කෙරිණි.

ඒ අනුව ඒ සඳහා ලියාපදංචි කිරීමේදී ප්‍රතිලාභ සටහනේ නම සටහන් නොවු අය මේ පිලිබඳ දැඩි විරෝධතා අනුව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. කෙසේ වෙතත් මෙම වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි දෝෂාරෝපන එල්ල වෙද්දි ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද විරෝධය පාමිනි සිටි.

අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදීද මේ පිළිබඳ ද සිය විරෝධය පල කිරීමට කටයුතු කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාල වැඩසටහනේ සුබ සාධන ලැබිය යුතු අයට එය ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කර වැරදි වු තැන් නිවැරදි කල යුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනා වී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *