27 April 2024
#දේශීය

ජුලි 01 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ගැසට් පත්‍රය නිකුත් කෙරේ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එළැඹෙන ජුලි මස 01 වනදා සෙනසුරාදා පෙරවරු 9.30 පාර්ලිමේන්තුව කැඳවිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරිණි.

එය අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව සිදු කල බව කථානායකවරයා නිවේදනය කරයි.

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම 30 වනදා පාර්ලිමේන්තු කාරක සභාව රැස්වීමට නියමිතව බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *