මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කර ඇත්තේ, සිය සැමියාගේ මරණයට වගකිව යුතු බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර ප්රමාණවත් නොවන බව පෙන්වා දුන් ඇය, ඔවුන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගෙන නිසි දඬුවම් ලබාදෙන ලෙසද ඉල්ලා තිබේ.
මෙම මරණය පසුගිය 25 වැනිදා වාර්තා වූ අතර, කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී ඔහු පොලිස් පහරදීමකට ලක්වූ බවට ඥාතීන් චෝදනා කර තිබේ. පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබුණි.
















