• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනාගතයේ දී ISIS ත්‍රස්තයිනට මෙරට ඇතුල්වීම වැලැක්විය යුතුයි – අගමැති

31 May 2019
in දේශීය

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන් නැති කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ත්‍රස්තවාදී ක්‍රියා නැවත මෙරට තුළ ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යූහගත කරමින් ජනතාව සමග සංහිදියාවෙන් ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍යවරයා ඊයේ (30) අම්පාර නගර සභා පිටියේ පැවැති පවුල් ලක්‍ෂ 6 ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට එක් වෙමිනි.

රටේ ආරක්‍ෂක අංශ ඉතා කෙටි කලක් තුළ ත්‍රස්තවාදය මර්දනය කර තිබෙන අවස්ථාවක ඇතැම් පාර්ශ්ව කට කතා පතුරුවමින් ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත්, 1983 දී සිදු වූ වරද නැවත සිදු නොකළ යුතු බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ත්‍රස්තවාදයට පමණක් නොව, අන්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට හේතු වන ප්‍රකාශ කරන පුද්ගලයන් ද අත්අඩංගුවට ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුව තිබෙනවා. අද අංග ලක්‍ෂණ අනුව හඳුනා ගැනීමට බලපාන නීති (Biometrics) මෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කිරීමට බලපාන නීති තිබෙනවා. අපට අවශ්‍ය වන එවැනි නීති කඩිනමින් සම්මත කර ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු නීතිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරිය වෙත බාර දී තිබෙනවා. නීතිය ප්‍රතිව්‍යූහගත කිරීමත් රටක් ලෙස අපට අවශ්‍ය වී තිබෙනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය වැලැක්වීමට අලූත් ව්‍යූහයක් ඇති කළ යුතුයි. ඒකාබද්ධ මධ්‍යස්ථාන, තොරතුරු හුවමාරුව, දත්ත පද්ධති ආදිය අපි නිර්මාණය කරගත යුතුයි.

ඕනෑම රටක ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර දත්ත හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් මේ සිද්ධිය සිදුවන තෙක් දත්ත හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදය අපේ රටේ ක්‍රියාත්මක වී නැහැ. ඊට හේතු වී තිබෙන්නේ මේ ක්‍රමවේදයට දෙපාර්ශ්වය විරුද්ධ වී තිබීමයි. එම නිසා සතියක් තුළ ඒ කටයුතු සිදු කරන ලෙස නියෝග කිරීමට පවා මට අවසානයේ සිදු වුණා.

ඒ වගේම අපි ජාත්‍යන්තර පොලිසිය සමග සම්බන්ධ වී තිබුණෙත් නැහැ. පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී විවිධ ආයතනවලින් ලැබෙන තොරතුරු හරහා මෙම ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් සොයා ගත හැකියි. මෙම තොරතුරු ලබා ගැනීම සඳහා විශාල ජාලයක් තිබිය යුතුයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාලයේ පැවැති තොරතුරු ජාලය දැන් ප්‍රමාණවත් නැහැ.

එක් එක් පාර්ශවවලින් තොරතුරු ලබාගෙන සැක සහිත පුද්ගලයින් හදුනාගත යුතුයි. ලෝකයේ අනෙකුත් රටවල් ත්‍රස්තවාදී ක්‍රියා පාලනය කරනු ලබන්නේ එම ආකාරයටයි.

ත්‍රස්තවාදය මැඩලීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලැබූ පොලිස් සහ ආරක්‍ෂක හමුදා නිලධාරීන් සිටිය යුතුයි. රටේ දේශසීමාවලට ඇතුලූ වන පුද්ගලයින් සහ පිටවන පුද්ගලයින් පිළිබඳව සම්පූර්ණ දත්ත අප සතු විය යුතුයි. මේ සියල්ල ක්‍රියාත්මක කරන අලූත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා. දත්ත එකතු කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. තොරතුරු හා ඔත්තු ලබාදීමත් අතිශය වැදගත් වෙනවා.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය සහ ඊට සහයෝගය දුන් අය පිළිබඳව ඕනෑ තරම් වාර්තා කිරීමට මාධ්‍යයට අවස්ථාව තිබෙනවා. නමුත් අවාසනාවකට සමහර මාධ්‍ය අයි.එස්.අයි.එස්. සහ ඊට සම්බන්ධ වූවන් ගැන වාර්තා කිරීම වෙනුවට රටේ සමස්ථ මුස්ලිම් ජනතාවට විරුද්ධව වාර්තා පළ කරනවා. එවැනි කටයුතු අපේ ආරක්‍ෂක අංශවලට විශාල පාඩුවක් බව කිව යුතුයි.

එක් පැත්තකින් අප කටයුතු කරන්නේ අවශ්‍ය නීතිරීති ගෙන එමින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට ක්‍රියා කිරීමටයි. අපේ රටට අවශ්‍ය පොදු ලක්‍ෂණ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලූ දෙනාටම පොදු අනන්‍යතාවයක් ඇති කිරීමට අප කටයුතු කළ යුතුයි.

ජාතික තවුහිද් ජමාත් සහ සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලිය සම්පූර්ණයෙන් අවසන් කර තිබෙන බව මම විශේෂයෙන් ප්‍රකාශ කරනවා. නමුත් අනාගතයේ දී නැවත අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත කණ්ඩායම් රටට ඇතුලූ වීම වැළැක්විය යුතුයි. ඒ සඳහා රටේ අපේ ක්‍රමවේදය ප්‍රතිව්‍යූහගත කළ යුතු වෙනවා. ඒ වගේම සංහිදියාවෙන් කටයුතු කරමින් එම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලලාල් බණ්ඩාරිගොඩ, එම්.අයි.එම්. මන්සූර්, මොහොමඩ් ඉස්මයිල් ප්‍රධාන දේශපාලනඥයින්, ආරක්‍ෂක ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 7
Previous Post

නායකත්වය ගැන තීරණයක් ගන්න ජනතාවට පුළුවන් – ඇමැති සජිත් කියයි

Next Post

මෛත්‍රි – මෝදි අතර සාකච්ඡාවක්

editor

editor

Next Post

මෛත්‍රි - මෝදි අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved