නොර්වුඩ්, හළුවැල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මැණික් ගැරීම සඳහා ඔවුන් යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට පත් වූවන් වයස අවුරුදු 24 ත් 43 ත් අතර පසුවන නොර්වුඩ් සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.














