පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි පියවර ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලදී පුද්ගලයන් 28,828 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර පුද්ගලයන් 664 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පුද්ගලයන් 25 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් අය වේ. මීට අමතරව දින වරෙන්තුකරුවන් 297 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 166 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.
රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර එහිදී බීමත් රියදුරන් 103 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව වෙනත් රථවාහන වැරදි 4,166ක් වාර්තා වී තිබේ.














