ලන්ඩන් නුවර ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින් කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ සජීවී සහාය ඇතිව ලොව පළමු වතාවට සාර්ථකව මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමක් සිදුකර 48 හැවිරිදි පුද්ගලයෙකුගේ පෙනීම රැකදීමට සමත්ව තිබේ.
ලන්ඩන්හි ‘National Hospital for Neurology and Neurosurgery’ හිදී සිදුකරන ලද මෙම සැත්කමේදී, වෛද්‍යවරුන් විසින් සජීවී කැමරා දර්ශන AI පද්ධතියකට සම්බන්ධ කර ඇති අතර, එමගින් මොළයේ සියුම් රුධිර නාළ සහ ස්නායු වෙන්කර හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට වර්ණ සංකේත (Colour-coding) ඔස්සේ මගපෙන්වා ඇත. මෙම තාක්ෂණය නිසා අන්ධභාවයට පත්වීමේ දැඩි අවදානමක සිටි රීස් හිබර්ට් (Rhys Hibbert) නැමැති රෝගියාගේ පෙනීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව තිබේ.
















