රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් (St. Petersburg) හිදී සිදුවූ මෝටර් රථ පිපිරීමකින් රුසියානු හමුදා ලුතිනන් කර්නල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති රුසියානු විමර්ශන කමිටුව, මියගිය තැනැත්තාගේ නිල තොරතුරු තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. යුක්රේන යුද්ධයට සම්බන්ධ ප්‍රබල රුසියානු හමුදා නිලධාරීන් ඉලක්ක කරගනිමින් මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙවැනි හදිසි ප්‍රහාර සහ ඝාතනයන් සිදුවී ඇති අතර, රුසියාව ඒ සඳහා යුක්රේන රහස් ඔත්තු සේවයට චෝදනා කරයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් යුක්රේනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













