බටහිර තීරයේ (West Bank) පිහිටි ජුඩියා සහ සමාරියා (Judea and Samaria) කලාපය මත ඊශ්‍රායලයේ සම්පූර්ණ පරමාධිපත්‍යය (Sovereignty) සහ පාලනය තහවුරු කරන බවට ඊශ්‍රායල මුදල් අමාත්‍ය බෙශලෙල් ස්මොට්‍රිච් (Bezalel Smotrich) ප්‍රකාශ කර තිබේ.
අනාගත සාම සාකච්ඡා හෝ එකඟතාවන් පිළිබඳ බලාපොරොත්තු පසෙකලා, අදාළ භූමි ප්‍රදේශය ස්ථිරවම ඊශ්‍රායලයට ඈඳාගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. මීට පෙර “ආරක්ෂාව තහවුරු කරගැනීම” යන මතයේ සිටි ඊශ්‍රායල නිලධාරීන්, මේ වන විට “බටහිර තීරය” යන යෙදුම වෙනුවට බයිබලීය නාමයක් වන “ජුඩියා සහ සමාරියා” ලෙස එම ප්‍රදේශය හඳුන්වමින් ස්ථිර පාලනයක් වෙනුවෙන් විවෘතවම පෙනී සිටීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














