සවුදි අරාබිය වෙත ඉරාක භූමියේ සිට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉරාක අගමැතිවරයා එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.
ඉරාක භූමිය අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, පරීක්ෂණවලින් පසු ඊට වගකිවයුතු පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් ඉරාක සන්නද්ධ හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. සවුදි අරාබිය සමඟ පවතින සහෝදරත්ව සබඳතා සුරකිමින් කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉරාකය කැපවන බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(x) ඇසුරින්














