ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වන වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අවන්හල් ක්ෂේත්‍රයේ සහ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා මෙම වෙබ් පිවිසුම් විවෘත වන බවයි. ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා අයදුම් කිරීමේ හැකියාව පවතී.
මෙම වැඩසටහන යටතේ අයදුම්කරුවන් 4,000ක් සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමිවන අතර, එහි වයස් සීමාව අවුරුදු 25ත් 40ත් අතර ලෙස නියම කර ඇත.














