රුපියල් ලක්ෂ අනූවක් (90) වටිනා ගජමුතු දෙකක් ළඟ තබාගෙන සිටි වයස අවුරුදු 17, 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
හොරොව්පොතාන, පරංගියාවාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන වනජීවී කාර්යාලවල ස්ථානභාර නිලධාරීන්ගේ මෙහෙයවීමෙනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














