83 වන වැනිස් අන්තර්ජාතික සිනමා උළෙලේදී විශේෂ ජූරි සම්මානය දිනාගත් ‘NAZA’ වාර්තා චිත්‍රපටයේ ඊශ්‍රායල ජාතික අධ්‍යක්ෂවරුන් වන යුවාල් ඒබ්‍රහම් සහ රේචල් සෝර් යන මහත්ම මහත්මීන්ගේ ඊශ්‍රායල ප්‍රජා අයිතිය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා බව ඊශ්‍රායල සංස්කෘතික අමාත්‍ය මිකී සෝහාර් ප්‍රකාශ කර තිබේ.
ගාසා යුද සමයේදී ඊශ්‍රායල හමුදාව විසින් සිදුකළ බව කියන මෙහෙයුම් සහ සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 24 දෙනෙකුගේ රහස්‍ය සාක්ෂි පදනම් කරගනිමින් මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර, එහි නම වන ‘NAZA’ යන්න ඊශ්‍රායල හමුදාව විසින් “අතුරු හානි” හැඳින්වීමට භාවිත කරන කෙටි යෙදුමකි. අමාත්‍යවරයා පවසන්නේ ස්වකීය මාතෘභූමිය සහ හමුදාව පාවාදෙමින් විදේශීය විරෝධීන්ගේ ප්‍රශංසාව ලබාගැනීමට මෙම නිර්මාණකරුවන් කටයුතු කර ඇති බවයි. කෙසේවෙතත්, චිත්‍රපටයේ ප්‍රදර්ශනයෙන් පසු වෙනීසි සිනමා උළෙලේදී විනාඩි 24 හමාරක දීර්ඝ අත්පොලසන් නාදයක් හිමිවූ අතර, මෙම චෝදනා ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් පූර්ණ ලෙස ප්‍රතික්ෂේප කර ඇත.














