දකුණු ලෙබනනයේදී අත්අඩංගුවට ගන්නා ලද ලෙබනන ජාතිකයන් පස්දෙනෙකු (5) කිසිදු සන්නද්ධ කල්ලියකට සම්බන්ධ නැති බව තහවුරු වීමෙන් පසු ඔවුන් නිදහස් කිරීමට තීරණය කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ (Benjamin Netanyahu) කාර්යාලය ප්‍රකාශ කරයි.
1980 දශකයේ ලෙබනනයේදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද යූද පාර්ශවීය නායකයන්ගේ දේහයන් නැවත ලබාගැනීම සඳහා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් ලෙබනනය සමඟ පැවැත්වෙන සාකච්ඡා අතරතුර මෙම තීරණය ගෙන ඇත. නිදහස් කිරීමට නියමිත පස්දෙනාගෙන් මාලෙක් කමාල් ගාසි (Malek Kamal Ghazi) නමැති අයෙකු මේ වන විටත් නාකුරා (Naqoura) හිසින් රතු කුරුස සංවිධානය හරහා ලෙබනන බලධාරීන්ට භාර දී තිබේ. ප්‍රාදේශීය ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය භාරයේ තවත් ලෙබනන වැසියන් 35දෙනෙකු පසුවන අතර, ඉන් 20දෙනෙකුම සිවිල් වැසියන් බවයි.
















