ජෙරුසලම ආසන්නයේ පිහිටි, ඊශ්‍රායල පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ කලන්ඩියා සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද විශාල පරිමාණයේ හමුදා මෙහෙයුමක් හේතුවෙන් පලස්තීනුවන් අවම වශයෙන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව ජෙරුසලම් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
වාර්තා වන ආකාරයට, පසුගිය බ්‍රහස්පතින්දා දින ඊශ්‍රායල හමුදා කලන්ඩියා මුරපොළ ආසන්නයේ පිහිටි ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.














