ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා පාලනය දැනට පවතින 60% සිට 70% දක්වා වැඩි කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය හමුදාවන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම පියවර මගින් 2025 ඔක්තෝම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ගාසා තීරයේ පවතින උග්‍ර යුද තත්ත්වය හේතුවෙන් පසුගිය 12 වැනිදා වන විට පලස්තීන ජාතිකයින් 72,742 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 172,565 දෙනෙකු තුවාල ලබා ඇත. මියගිය සංඛ්‍යාවෙන් 21,283 දෙනෙකුම දරුවන් බවද වාර්තා වේ.
















