ජාත්‍යන්තර නීතිය යටතේ පවතින බැඳීම් නොසලකා හරිමින්, ඊශ්‍රායල සෙබළුන් විශාල පිරිසකට සිඩ්නි මැරතන් තරගයට සහභාගී වීම සඳහා රට තුළට ඇතුළු වීමට අවසර දීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය දැඩි පීඩනයකට සහ විවේචනයට ලක්ව ඇති බව Al Jazeera වාර්තා කරයි.
Al Jazeera මාධ්‍යවේදී සොරෙයා ලෙනී පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ සිදුවන යුධමය තත්ත්වයන් හමුවේ ඊශ්‍රායල හමුදා සාමාජිකයින්ට මෙලෙස පහසුවෙන් රට තුළට ඇතුළුවීමට අවසර දීම ජාත්‍යන්තර ප්‍රජාවට සහ මානව හිමිකම් කෙරෙහි සිදුකළ විශාල පාවාදීමක් ලෙස බොහෝ දෙනා හඳුන්වන බවයි. මෙම තීරණය සම්බන්ධයෙන් වහාම කරුණු පැහැදිලි කරන ලෙස විචාරකයින් සහ මානව හිමිකම් සංවිධාන ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියි.














