27 April 2024
#දේශීය

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දිනකට පනස් දහස ඉක්මවයි

කොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීම සඳහා දිනකට බලපත්‍ර 55,000ක් පමණ වැඩි වී ඇති බැවින් දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී බාදා ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) නිවේදනය කර සිටියේ පලාත් මෝටර් රථ දෙපාර්තමේන්තු අධිකාරීන් හා සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කර ඇති මෘදුකාංග පද්ධතිය මඟින් මේ වන විට වාර්ෂිකව මිලියන 6.5ක පමණ අදායම් බලපත්‍ර ප්‍රමාණයක් දිවයින පුරා පිහිටි නිකුත් කිරීමේ කවුන්ටර 900කට අධික ස්ථානයන්හිදී සාර්ථකව සිදු කරන බවයි.

සාමාන්‍යයෙන් දිනකට බලපත්‍ර 34,000ක් පමණද, කාර්ය බහුල වේලාවන්හිදී පැයකට බලපත්‍ර 6,800ක් පමණද නිකුත් කෙරේ.

කෙසේ වෙතත්, රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීමේ පවතින දැඩි ඉල්ලුම හමුවේ පවා දිනකට බලපත්‍ර 55,000ක් පමණද, කාර්ය බහුල වේලාවන්හිදී පැයකට බලපත්‍ර 11,000ක් පමණද නිකුත් කර ඇත.

මෙය 60%ට වැඩි ඉල්ලුමෙහි වර්ධනයකි. 2009 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වූ මෘදුකාංග පද්ධතිය, පවතින දැඩි සේවා ඉල්ලුම හේතුවෙන් විටින් විට මන්දගාමී ක්‍රියාකාරිත්වයක් දක්වයි.

බලපත්‍ර නිකුත්කිරීමේ නව්‍ය මෘදුකාංග පද්ධතියක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන ආයතනය විසින් දැනටමත් සකස්කරමින් පවතින අතර 2022 වසර මැද භාගයේදී එය අවසන් වනු ඇත. පවතින සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලව ජනතාව ඒකරාශිවිම පාලනය කිරීම සඳහා පියවර ගනිමින් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන ආයතනය පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *