ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හමුවේ පීඩාවට පත්ව සිටින ගොවීන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට (14) දින ආරම්භ කිරීමට නියමිතය. යල කන්නය ඉලක්ක කර ගනිමින් ‘ඉසුරු ගෙනෙන යලක්’ ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ මෙම කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පවතින ආර්ථික අභියෝග හමුවේ කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත හැකි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ගොවීන් සවිබල ගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.















