27 April 2024
#දේශීය

ඉසුරු ජයවර්ධන මහතා සභාපතිධුරයට

මාතලේ දිස්ත්‍රික්කයේ පැරණිතම බෞද්ධ සමිතිය වන මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ලෙස අටවන වරටත් දේශබන්දු ආර්.එම්.ආර් ඉසුරු ජයවර්ධන මහතා නිතරගයෙන් තේරි පත් විය.

පසුගියදා මාතලේ බෞද්ධ මන්දිර ශාලාවේදි පැවති 90 වෙනි මහ සභා රැස්විමේදි මෙම තේරි පත්විම සිදු විය.

වසර 89 ක් පැරණිතම මෙම සමිතිය මාතලේ බෞද්ධ මන්දිරය,මඩවල එල් වර්ණකුලසුරිය වැඩිහිටි නිවාසය,ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය,කොස්වාන විශේෂ සහන පාසල ශ්‍රි පුණ්‍යවර්ධන දහම් පාසල ඇතුලු ආයතන කිහිපයක් මෙම සමිතිය මගින් පවත්වාගෙන යනු ලබයි.

ඉසුරු ජයවර්ධන මහතා, මාතලේ ප්‍රදේශයේ සමාජියිය ,සංස්කෘතික හා වෙනත් සමාජමය කටයුතුවලදි ප්‍රමුඛව කටයුතු අතර මාතලේ සවේච්ඡා සංවිධාන රැසක නිලතල රැසක් හොබවනු ලබන අතර මාතලේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති දිවංගත නිමල් ජයවර්ධන මහතාගේ පුත්‍රායද වේ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *