• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධ්‍යාපන ගැටලු සොයන්න අධ්‍යාපන ඇමති සමඟ ඉසුරුපාය උතුරුමැදට යයි

18 October 2020
in සංවර්ධන

මෙරට අධ්‍යාපන පද්ධතියේ ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීමටත්, දැනට පවත්නා ගැටලු අභියෝග සහ දුෂ්කරතා හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ගත හැකි කෙටි කාලීන විසඳුම් සහ දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපන බලධාරීන් හමුවී මේ ශේෂ වැඩසටහන් මාලාවෙහි පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන අද (18) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උතුරු මැද පළාතේ තුන් දහසකට ආසන්නව පවත්නා ගුරු හිඟය තුරන් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, විශේෂයෙන්ම බොහෝ පාසල්වල උග්‍ර ගැටළුවක් බවට පත්ව ඇති විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පියවර ගන්නා බවත්, ඉදිරි සති දෙක ඇතුළත විදුහල්පතිවරුන් එකසිය හැට හයක්(166) අලුතින් බඳවා ගන්නා බවත්, වැඩබලන තනතුරුවල දැනට කටයුතු කරන විදුහල්පතිවරුන් වෙත ඉතා ඉක්මනින් ස්ථිර පත්වීම් ලබාදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් පානීය ජලය නැති පාසල් හතළිහක් (40) පවතින බව මෙහිදී අනාවරණය වූ අතර ඉදිරි වර්ෂය එළඹීමට ප්‍රථම පාසල් සඳහා පානීය ජලය සනීපාරක්ෂක පහසුකම් ද සකස් කිරීමට පෞද්ගලික සහාය ඇතිව පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

දිවයිනේ විවිධ පෙදෙස්වලින් සෑම සතියකම මහජන දිනයට ඉසුරුපායට පැමිණෙන බොහෝ ජනතාවට පවතින ගුරු මාරු, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම, සහ රැකියා අවස්ථා ලබාගැනීම ඇතුළු ගැටළු වෙනුවෙන් රජයක් වශයෙන් පෙනී සිටීමට සිදුව ඇති බවත්, පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන, සමානාත්මතාව ක්‍රියාවට නැංවිය හැකි සාධාරණ හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා සැලසුම් කරන බව ද, ඔවුන් ඉසුරුපායට ගෙන්වනු වෙනුවට, ඉසුරුපායේ නිලධාරීන් ඔවුන් වෙත ගොස් ගැටලු විසඳන ක්‍රමවේදයක් ලෙස එම වැඩපිළිවෙළ සැලසුම් කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

 

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම විශේෂ හමුවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, මහවැලි කලාප ආශ්‍රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච් එන් පී බණ්ඩාර. පොලොන්නරුව දිසාපති ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, අධ්‍යාපන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නලින් ගම්ලත් මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පිඨාදිපතිවරුන් විදුහල්පතිවරුන් කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ,

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, කාරමික විද්‍යාලය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතන රැසක නිලධාරින් ඉදිරි සංවර්ධන සැලසුම් සහ දැනට පවත්නා අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

නවසීලන්ත මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට විශිෂ්ඨ ජයක්

Next Post

මන්ත්‍රී රිෂාඩ් දෙහිවලදී අත්අඩංගුවට 

editor

editor

Next Post

මන්ත්‍රී රිෂාඩ් දෙහිවලදී අත්අඩංගුවට 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved