• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ධම්මිකව ජනාධිපතිවරණයට දාන්න තවම තීරණය කරලා නෑ – මහලේකම් සාගර

9 October 2023
in දේශීය

ශ්‍රේෂඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව වෙනස් ආකාරයේ නඩු තීන්දුවක් බවත් අප පක්ෂය විශේෂ නීතිඥ කණ්ඩායමකට මෙම තීන්දුව අවධානයට යොමු කර, පක්ෂයට එරෙහිව කටයුතු කරන පිරිසට ද විරුද්ධව ඉදිරියට ගතයුතු පියවර සම්බන්ධයෙන් තීරණය කරනු ලබන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “සාමාන්‍යයෙන් රටක ස්වාභාවික ව්‍යසයනක් වෙච්ච අවස්ථාවක මේ රටේ සියලු කොටස් එකතු වෙනවා. පක්ෂ විපක්ෂ භේද පසෙකලා රටකට ව්‍යසනයක් වෙච්ච වෙලාවට ඒ රටේ ඉන්න සියලූම පක්ෂ විපක්ෂ කණ්ඩායම් එකතුවෙලා රට වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් අපේ ලංකාවේ සිදුවුණේ වෙනස්ම තත්වයක්. කොවිඩ් වසංගතයට මේ රට මුහුණදිලා මේ රට වහලා, මේ රටේ ආදායම් මාර්ග නැති කරගෙන ජනතාවගේ ජිවිත බේරගන්න කටයුතු කරලා විශාල පරිශ්‍රමයක් දරපු අවස්ථාවක මේ රටේ ජනතාව පාරට බස්සලා ජනතාව අරගලයක් කරා යොමු කරලා ඒ තිබුණු ගෝලිය වසංගතය කියන ස්වභාවික විපත අවස්ථාවේ ඒ වෙනුවෙන් කටයුතු කරපු රජයට විරුද්ධව රටේ ජනතාව පාරට බස්සලා අරගල කරලා මේ රටේ සම්පූර්ණ විනාසයක් ඇති කළා. ඒ විනාශයේ ප්‍රතිපල තමයි අදටත් අත්විදින්නේ. මේ රටේ භාණ්ඩ මිල ඉහළ යාම, ජිවන වියදම වැඩිවීම ඒ වගේ විවිධ කාරණාවලට මූලික වුණේ අරගලය. ජනතාව පාරට බස්සලා මේ රටේ ආර්ථිකය විනාශ කරපු ඒ ක්‍රියාදාමය. අදටත් අපි ඒ තත්වය අත්විදිමින් තිබෙනවා. ජනතාව තේරුම් ගතයුතුයි මේ තත්වයට වගකියන්න ඕන ඔබගේ ජිවිත බේරගන්න කටයුතු කරපු පාර්ශවයද මෙවැනි අවස්ථාවකදි මේ රට වැටිලා තිබෙන තත්වය ගැන නොහිතා කටයුතු කර, ජනතාවගේ මනසේ බොරු කතා වපුරලා මේ රට විනාශ කරන්න කටයුතු කරපු පිරිසද වගකියන්න ඕන කියලා කාරණය තේරුම් අරගෙන මේ රට වෙනුවෙන් කටයුතු කරන්න ඕන කාලය එළඹිලා තිබෙනවා. ඒ පිළිබඳව තේරුම් අරගෙන කටයුතු නොකලොත් රටක් හැටියට අපිට ඉදිරියට යෑමක් නැහැ. ඒ වගේම පසුගිය සිකුරාදා ශ්‍රේෂඨාධිකරණයේ නඩු තීන්දුවක් දිලා තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ මන්ත්‍රීධුරය අහිමි කරමින්. මේ නඩු තීන්දුව තිබුණු තත්වයට වඩා වෙනස් ආකාරයේ නඩු තීන්දුවක් හැටියට අපි දකිනවා. අපි විශේෂ නීතිඥ කණ්ඩායමකගේ අවධානයට මේ නඩු තීන්දුව යොමු කරලා තිබෙනවා. මේ මත ඉදිරියට පක්ෂයක් හැටියට කටයුතු කරන්න ඕන කොහොමද ? ඒ වගේම පක්ෂයට එරෙහිව කටයුතු කරන පිරිසට විරුද්ධව ඉදිරියට ගතයුතු පියවර ඉදිරියේදී දීර්ඝ වශයෙන් පක්ෂයක් විදිහට තීන්දු තීරණ ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. එතුමා අපේ පක්ෂයේ සාමාජිකයෙක් පක්ෂයක් විදිහට අපි ඉතාම සතුටු වෙනවා. එතුමා කිසිම අවස්ථාවක ප්‍රකාශ කරලා තිබුණේ නැහැ පක්ෂයේ මතයට පරිභාහිරව ගිහිල්ලා එතුමා කටයුතු කරනවා කියලා. එතුමා ප්‍රකාශ කරලා තිබුණා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කැමතියි කියලා. එය මේ රටේ දේශපාලනය කරන බොහෝ දෙනෙක්ගේ තිබෙන කැමැත්තක්. ඒ කැමැත්තයි පක්ෂයේ ක්‍රියාදාමය කියන එකයි දෙකක්. ඒ සම්බන්ධයෙන් පක්ෂයට විරුද්ධව මත පලකිරීමක් එහි සිදුවෙලා නැහැ කියන කාරණය තමයි මට පෙනි යන්නේ. අපි හැමදාම ධම්මික පෙරේරා මහතා පක්ෂය වෙනුවෙන් කරන කාර්යභාර්යය අගය කරනවා. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේ පක්ෂය මෙතෙක් කිසිම තීන්දු තීරණයක් අරගෙන නැහැ. ඊලඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්න නියමිත වන්නේ අවම වශයෙන් තව අවුරුද්දකට පසුවයි. නිසි අවස්ථාවේදී මේ රටට සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරනවා පක්ෂයක් විදිහට.අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ මේ රටේ ඊලඟ ජනාධිපතිවරයා හැටියට ජයගත හැකි අපේක්ෂකයෙක්. ඒ කාරණය පමණක් පක්ෂයක් විදිහට නිශ්චිතව කියනවා. නමුත් අවුරුද්දකට කලින් එක එක පිරිස් තමන්ගේ නම් ප්‍රකාශ කරා කියලා අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්න සූදානම් නැහැ යැයි මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

අපට අවශ්‍ය දැනුවත්ව, සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් – මන්ත්‍රී අනුර දිසානායක

Next Post

දිලිත්ගේ පක්ෂ මුලස්ථානය විවෘත කිරීම ලබන බදදා

editor

editor

Next Post

දිලිත්ගේ පක්ෂ මුලස්ථානය විවෘත කිරීම ලබන බදදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved