• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හානියක් වන ආකාරයට අස්වැසුම ක්‍රියාත්මක කරනවා නම් සමාජයේ විශාල ගැටලුවක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

21 July 2023
in දේශීය

අස්වැසුම වැඩපිළිවෙලේ සමීක්ෂණ කටයුතුවල විශාල අඩුපාඩු තිබෙන බවත් එම සමීක්ෂණයට සහභාගිකරවාගත යුතු නිලධාරීන් යම් හේතුන් මත ඉවත්වීම තුළින්, පළපුරුද්දක් නොමැති නිලධාරීන් සමීක්ෂණ කටයුතුවලට සහභාගි කරගැනීමට යොමුවීම වැඩපිළිවෙල අසාර්ථක වීමට හේතුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “අද සමාජ අර්බුදයක් බවට පත්වෙමින් පවතින අස්වැසුම ව්‍යාපෘතිය සම්බන්ධව ඊයේ පාර්ලිමේන්තුවේදී ජගත් කුමාර මන්ත්‍රීතුමා අපෙනුත් අත්සන් යෝදා ගත්තා මෙය පුළුවන් නම් කල් දාන්න කියලා. නැතිනම් නැවත සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න, නැතිනම් මෙය ප්‍රමාද කරන්න කියලා. මෙයට ප්‍රධාන හේතුව තමයි අපි දන්නවා මේ සමෘද්ධි ව්‍යාපාරය ගැන නොයෙකුත් විවේචන තියෙන්න පුළුවන්. නමුත් මේ සමෘද්ධි ව්‍යාපාරය හරහා අපේ රටේ ඉතාම අසරණ අහිංසක ජනතාවට සේවයක් වුණා. සමෘද්ධි වැඩපිළිවෙලේ අඩුපාඩුත් තිබෙනවා. ඒ කෙසේ වුණත් මේ වැඩපිළිවෙළින් සමාජයට යහපතක් වුණා. සමාජ සංවර්ධනයක් ඇතිවුණා කියන එක අපි දන්නවා. ඒ නොයෙකුත් ව්‍යාපෘති, ඒ වගේම තවත් ආර්ථික උත්පාදන වැඩසටහන්, පශු සම්පත්, ධීවර කටයුතුවලට, කෘෂිකාර්මික කටයුුතු වලට , ගමේ ආර්ථිකය සංවර්ධනය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙලවල් විශාල ප්‍රමාණයක් මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ තිබුණා. ඒ නිසා මේ ව්‍යාපාරයෙන් දියුණුවෙච්ච පිරිසකුත් අද අපේ රටේ ඉන්නවා. ඒ වැඩපිළිවෙළට හානියක් වන ආකාරයට අස්වැසුම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම් සමාජයේ ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියන එක අපි පිළිගන්න ඕන කාරණයක්. මේ ප්‍රශ්නය එනකන් බලාගෙන ඉන්න පිරිසක් අපේ රටේ උද්ඝෝෂණ කරන්න, විරෝධතා කරන්න ඉන්නවා. ඒ පිරිසට අපි මේවා පාවිච්චි කරන්න දෙනවාද? එහෙම නැතිනම් මෙහි වෙනත් වැඩපිළිවෙළක් අපි හදාගන්නවාද කියන එක පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත්, රජයටත්, අපිටත් වගකීමක් තිබෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කරපු සමීක්ෂණයේ විශාල වැරදි තිබෙනවා. මේ වැරදිවෙන්න හේතුව තමයි මෙයට යොදන්න හිටියේ රජයේ නිලධාරිවරු. සමෘද්ධි නිලධාරිවරයා, ආර්ථික සංවර්ධන නිලධාරී වගේ පිරිස්. මේ වැඩසටහනට ඔවුන් සම්බන්ධ වුණේ නෑ යම් යම් කාරණා කියලා එතනින් ඉවත් වුණා. ඉන්පසු මේ පිළිබඳව අවබෝධයක්, අත්දැකීමක්, පළපුරුද්දක් නැති පිරිසක් තමයි සමීක්ෂණ කටයුතු කළේ. එතනින් තමයි අපිට වැරැද්ද සිදුවුණේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන නැවත සමීක්ෂණයක් කරලා සුදුස්සාටම මේ අස්වැසුම වැඩසටහනින් ප්‍රතිපල ලබාදෙන්න ඕන. අස්වැසුම වැඩසටහනේදී වැඩිපුර යම්කිසි මුදලක් මේ අසරණ ජනතාවට දෙන්නත් ලෑස්තිකරලා තිබෙන්නේ. හැබැයි එය නිවැරදිව කළොත් අපිත් ඒ ස්ථාවරයේ සිටිනවා.”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 17
Previous Post

මාතලේ සිමාමාලකය සාමණේර හිමිවරුන් 300ක් පමණ උපසම්පදා අධිශිලයෙහි පිහිටුවයි

Next Post

ඇමැති කෙහෙලියට විරුද්ධව විශ්වාසයභංගය කථානායක වෙත භාර දෙයි

editor

editor

Next Post

ඇමැති කෙහෙලියට විරුද්ධව විශ්වාසයභංගය කථානායක වෙත භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved