27 April 2024
#දේශීය

අධික නියඟයෙන් මාතලේ පවුල් හයදහසක් පිඩාවට පත්වෙලා -ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය

පවතින අධික නියගය හේතුවෙන් පානිය ජලය හිගයෙන් ඊයේ(27)දා උදැසන වන විට මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 6367ක පුද්ගලයින් 21930 පිඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹූල්ල,නාඋල,විල්ගමුව,යටවත්ත,උකුවෙල සහ ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල මෙම තත්වය ඇති තිබෙන අතර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 13ක පුද්ගලයින් 35 දෙනෙකුද ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 250ක පුද්ගලියන් 1180 දෙනෙකුද නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 613ක පුද්ගලයින් 1815ක්ද විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 4835ක පුද්ගලයින් 16842ක් ද යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 615ක පුද්ගලයින් 1895ක්ද උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 41ක පුද්ගලයින් 163 දෙනෙකුද පිඩාවට පත්ව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙම පිරිස් සදහා පානිය ජල පහසුකම් මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දෙන බව මාතලේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පවසයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *