27 April 2024
#දේශීය

පාසල් යළි විවෘත කිරීමට සහාය දැක්වීම සියල්ලන්ගේ යුතුකම හා වගකීමයි – ඇමැති දිනේෂ්

සෞඛ්‍ය රෙගුලාසි අනුව ලබන 21 දින පාසල් ආරම්භ කිරීමේ පළමු අදියරට සහයෝගය දැක්වීම පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂවල යුතුකම හා වගකීම බව, සියලු පාර්ශවයන් වෙත ආයාචනය කරමින්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, අනුර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 )ඉදිරිපත් කළ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු දීමෙන් පසුව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

රටේ සියල්ලන්ගේ ම ප්‍රාර්ථනය වන අපේ දරුවන්ගේ අනාගත දියුණුව උදෙසා නැවත පාසල් ආරම්භ කිරීමේ ක්‍රියාදාමයට, සහයෝගය දැක්වීම සියලු ගුරුවරුන්ගේ යුතුකම හා වගකීම බවද අමාත්‍යවරයා පැවසීය.

දෙලක්ෂ විසි දහසක් වන සියලු ගුරුවරුන්ට කෝවිඩ් මර්දන එන්නත ලබාදී ඇති බවත් , ඒ අනුව සෑම ගුරුවරයෙකුගේ ම ආරක්ෂාව උදෙසා පළමු පියවර ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *