• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ප්‍රධානීන්ගේ වගකීමක් -ජනපති

15 July 2020
in දේශීය

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමග ඊයේ (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කණ්ඩායම් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ ඉහළ අවදානමක් පවතී. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඊට නිදසුනකි. එබැවින් කණ්ඩායම් ආශ්‍රිතව පහසුවෙන් කළ හැකි පරීක්ෂණ අඛණ්ඩව කළයුතුව ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රට සාමාන්‍ය තත්ත්වයට පැමිණිය ද අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අත් නොහළ යුතු අතර පුනරුත්ථාපන සහ සිර කඳවුරු, විශ්වවිද්‍යාල, පාසල් වැනි ආයතන උණ පරීක්ෂාව වැනි සරල පරීක්ෂණ දෛනිකව කරගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මුව ආවරණ පැළඳීම, අත්සේදීම සහ දුරස්ථභාවය පවත්වාගැනීම හැම විටම කළ යුතුය.උණ, උගුර ආශ්‍රීත ආසාදන ඇතුළු රෝගී තත්ත්වයක් හටගෙන ඇතිනම් ඒ බව තේරුම් ගෙන සමාජ ඇසුරට නොයාමෙන්ද වසංගත මර්දනයට දායක විය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 24
Previous Post

PCR පරීක්ෂණ වැඩි කිරීමට ජනාධිපති නියෝගයක්

Next Post

අසත්‍ය ප්‍රචාර සමාජගත කරන්නන්ට එරෙහිව විධිමත් පරික්ෂණ – රජය

editor

editor

Next Post

අසත්‍ය ප්‍රචාර සමාජගත කරන්නන්ට එරෙහිව විධිමත් පරික්ෂණ - රජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved