• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සායනික තහවුරුවකින් තොරව ඖෂධ ගැනීම අහිතකරයි – රාජ්‍ය ඇමැති සුදර්ශනි

15 December 2020
in දේශීය

කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදා ගැනීමට නියමිත කිසියම් ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරික්ෂාවකින් තහවුරු වූ ඒ්වා විය යුතු බවත් එසේ නොවුනහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකි බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කොවිඩ් 19 පාලනය කිරීම සදහා ලෝකයේ ඉදිරිපත්ව ඇති එන්නත් මෙරට කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විශේෂඥ මතය විමසා බැලීමට ලංකාවේ ඉහළම පෙලේ වෛරස් සහ ක්ෂුද්‍රජීවී පිළිබද විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (14) හමුවූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් ලබාදෙන ඔිනෑම ඖෂධයක් හෝ එන්නතක් මිනිස් ශරීරයට අහිතකර නොවන බවට තහවුරු වීම අත්‍යාවශ්‍ය වන බවත් එමගින් ඇතිවන සංකූලතා, අතුරු ආබාධ පිළිබදවද නිවැරදි තක්සේරුවක් තිබිය යුතු බවයි. රෝග පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සැමවිටම නිවැරදි විය යුතු බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරිය, කොවිඩ් 19 සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එන්නත් තවම පවතින්නේ සායනික පරීක්ෂණ මට්ටමේ වන බැවින් ඒ පිළිබදව විශේෂඥ මතය මෙහිදී විමසන ලදි.

කොවිඩ් 19 සදහා ලෝකයේ මේවන විට ඉදිරිපත්ව ඇති ඔක්ස්ෆර්ඩ්, ෆයිසර්, ස්පුට්නික් සහ සිනොවැක් යන එන්නත් වර්ග 04 සම්බන්ධයෙන් මූළීක අවධානයක් යොමුවූ අතර වෙන් වෙන් වශයෙන් එම එන්නත්වල වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිශතය, එය ගබඩා කර තැබීමේ උෂ්ණත්වය, ඒ සදහා වන වියදම ආදී කරුණු පිළිබදව සාකච්ඡාවිය. එම එන්නත් පිළිබදව සංසන්දනාත්මකව විමසා බැලීමක්ද සිදුකල අතර තවදුරටත් මේ පිළිබදව අධ්‍යයනය කර විශේෂඥ අදහස් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරිය විසින් දන්වන ලදි.

මෙම සාකච්ඡාව සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, මහාචාර්ය නීලිකා මලවිගේ, වසංගත රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරු පිරිසක් එක්වූහ.
ස්තුතියි,

Post Views: 10
Previous Post

රටේ ඛනිජ සම්පත් කළමණාකරණය කිරීම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වගකීමක්- ඇමැති මහින්ද කියයි

Next Post

පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි

editor

editor

Next Post

පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved