• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලිබිල අඩු කළේ මහින්ද රාජපක්ෂයි – මහලේකම් සාගර

23 October 2023
in දේශීය

රාජ්‍ය නායකයෙක් වශයෙන් ජනන සැලැස්මක් සහිතව කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඉහළකොත්මලේ, නොරොච්චෝලේ, උමාඔය වැනි විශාල ව්‍යාපෘති ඇති කර රටටම අඩු මුදලට විදුලිබලය ලබාදීමට එතුමා කටයුතු කළ බවද පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද( 23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “මේ වන කොට ලංකාවේ විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් 225 ට බනිනවා. රාජපක්ෂවරුන්ට බනිනවා. මේක කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව, හිතන්න මිනිස්සු පුරුදුවෙලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලිබිල අඩු කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ. එතුමා මේ රටේ විදුලිය නැතිව හිටපු ජනතාවට විදුලිය ලබාදුන්නා පමණක් නොවේ විදුලිබිල අඩුකරලත් දුන්නා. එසේ සිදුකරන්න එතුමාට හැකියාව ලැබුණේ එතුමා ඉතාම සැලසුම්සහගතව සැලැස්මක් ඇතිව මේ රටට අවශ්‍ය විදුලි ජනනය සිදුකරපු හින්දා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කාලයේ දවසකට පැය ගණනක් මේ රටේ විදුලිය නැතිව ඉන්න සිදු වුණා. මේ දේ සිදු වුණේ විදුලි ජනනය පිළිබඳව සැලැස්මක් නැතිව මේ රටේ හිටපු නාකයෝ කටයුතු කරපු නිසා. නමුත් ප්‍රථම වතාවට මේ ලංකාවේ රාජ්‍ය නායකයෙක් ජනන සැලැස්මක් සහිතව කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ , උමා ඔය වගේ විවිධ ව්‍යාපෘති මහා විශාල සංඛ්‍යාවක් රටේ ඇති කරලා මේ රටටම විදුලි බලය ලබාදිලා විදුලිබිල අඩු කරන්නත් කටයුතු කළා. ඒ වගේම දුරදක්නා නායකයෙක් විදිහට එතුමා සහ එතුමාගේ රජය සැලසුම් කළා මේ රටේ විදුලි ජනනය තවදුරටත් ඉදිරි අනාගතයේ ඇතිවෙන අවශ්‍යතා අනුව වැඩිකිරීමට. ඒ අනුව සාම්පූර් විදුලිබලගාරය මෙගාවොට් 900 ක්. ඒ සඳහා අවශ්‍ය සියලු වාර්තා සකස් කරලා ගිවිසුම් අත්සන් කරලා සාම්පූර් බලාගාරයට අවශ්‍ය පරිසර වාර්තා ආදි සියලු දේ අවසන් කරලා තිබුණේ. සාම්පූර් විදුලිබලගාරය මෙගාවොට් 900ත් නොරොච්චෝලේ හතරවන අදියරෙන් මෙගාවොට් 100 ක් සම්පූර්ණ මෙගාවොට් 1000 ක් ලංකාවේ විදුලිබල පද්ධතියට එකතු කරන්න සූදානම් වුණේ. නමුත් 2015 පත්වෙච්ච රජය සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් උසාවියේ නඩුවක් පවරලා ඒ නඩුව මත පදනම් කරගෙන එවකට හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ රටේ ජනන සැලැස්ම අනුව ක්‍රියාකිරීමට තිබුණු සාම්පූර් බලාගාරය සහ නොරොච්චෝලේ හතරවන අදියර සම්පූර්ණයෙන් නවතා දැමුවා. මෙයින් අපේ විදුලිබල පද්ධතියට ලැබෙන්න තිබුණු මෙගාවොට් දහසක විදුලිබල ප්‍රමාණයක් අහිමිවුණා. එම අහිමිවීම මත අද අපි මෙගාවොට් දහස නිපදවන්නේ ඩීසල් බලාගාර තුළින්. අද මේ රටේ විදුලිබිල වැඩිකරන තැනට කටයුතු කරපු කණ්ඩායම් අද ඒ ගැන කිසිම කතාවක් නැතිව නිශ්ෂබ්දව ඉන්නවා. මේ ගැන නොදන්න ජනතාව 225 ට සහ රාජපක්ෂවරුන්ටයි බනින්නේ. මෙය තමයි මේ රටේ ඇත්ත තත්වය. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන මේ රටේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් දුන්නේ රාජපක්ෂවරු විතරයි. මේ රටේ කිසිදු නායකයෙක් එය ලබාදිලා නැහැ. විශේෂයෙන්ම මේ රටේ බලශක්තිය සම්බන්ධයෙන් මේ විනාශය ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ 2015 – 2019 මේ රටට පාලනය කරපු ඒ යහපාලන රජය කියන එක සාක්ෂි සාධක සහිතව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්.”

Post Views: 19
Previous Post

AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි

Next Post

විදෙස් ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වන්නට තිබූ අවසරය අවභාවිත කිරීම ගැන පරීක්ෂණක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

විදෙස් ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වන්නට තිබූ අවසරය අවභාවිත කිරීම ගැන පරීක්ෂණක් - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved