27 April 2024
#දේශීය #පුවත්

වතු ජනතාව සවිබල ගැන්වීමේ සුවිශේෂී සමාජ ගිවිසුමකට එළැඹීමට හැකියාව ලැබුණා – විපක්ෂ නායක සජිත්

සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම උදෙසා උඩරට හා පහතරට වතු ක්ෂේත්‍රයේ ප්‍රජාව සමඟ අද දින වැදගත් සමාජ ගිවිසුමකට එළැඹීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (14) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක් සමග සමාජ ගිවිසුමකට අත්සන් තබමිනි.

සමගි ජන බලවේග රජයක් යටතේ ජනාධිපති කාර්යසාධන බලකායක් වෙනමම ස්ථාපිත කර උඩරට පහතරට වතු ප්‍රජාව මුහුණ දෙන ආර්ථික සමාජීය සංවර්ධන හා දේශපාලන ගැටලු ඇතුළු යටිතල ක්ෂේත්‍රයේ තිබෙන්නා වූ ගැටලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන සම්මුතියකට ගිවිසුම් ගත වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලක්ෂ ගණනක් උඩරට හා පහතරට වතු ප්‍රජාව රටේ ජීවනාලියට දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන් හැමදාම කම්කරු තනතුරේ තබා ගැනීම නොව ඔවුන්ට වගා භූමියේ හා නිවසක අයිතිය මෙන්ම වතු ක්ෂේත්‍රයේ වතු ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමේ ඉමහත් අවස්ථාව මේ තුළින් උදා වන බවත් මෙතෙක් කල් දෙවැනි තුන්වැනි පන්තියේ කුඩම්මාගේ සැලකිලි ලැබුණු මේ ප්‍රජාවට වචනයට සීමා වූ සටන් පාඨ නොව කාලවකවානු සහිතව මේ ජනතාව ශක්තිමත් කරන්න පැහැදිලි සමාජ සම්මුතියකට එළැඹුනු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් පිහිටවු පළමු දිනයේ සිට මේ සියලු කරුණු කාරනා සාකච්ඡා කරන්න නොව මේ සමාජ ගිවිසුම මහපොලොවේ යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරන බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස මෙය හැදින්විය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දිනෙන් දින සදාකාලිකව දේශපාලන ඇන්දවීම්වලට රැවටීම්වලට ලක්වූ උඩරට පහතරට වතු ප්‍රජාවට ආර්ථික හා සමාජීය නිදහස උදාකරන වැදගත් ගමනක් යාම සමගි ජන සන්ධානයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවයි.

නිර්ව්‍යාජ, පිරිසිදු උඩරට පහතරට වතු ප්‍රජාවගේ සැබෑ නියෝජිතයන් සමඟ අද දින ගිවිසුම් ගත වූ බවත් පෞද්ගලික වරදාන වරප්‍රසාදවලින් තොරව මේ නායකයන් ඉල්ලා සිටියේ තම ප්‍රජාව රැක ගෙන ආරක්ෂා කර සංවර්ධනයේ අරුණළු උදා කර දෙන ලෙසත් මොවුන් සමග මෙවැනි සමාජ සම්මුතියකට එළැඹිමට ලැබීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකවරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා, මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් මහතා අත්සන් තබන ල

Leave a comment

Your email address will not be published. Required fields are marked *