ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපති ලෙස සේවය කරන ඩේමියෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh) මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවිය. මෙම නිල හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, ඔහු සමඟ අතිශය ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ තානාපතිවරයා, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමටත් සිය කැමැත්ත මෙහිදී පළ කළේය. මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු විය.














