ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයි දින රැලිය හෙට (01) පෙරවරු 10.00 ට නුවරඑළිය නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මැයි දින පෙළපාලිය හෙට පෙරවරු 9.30 ට හාවාඑළිය මංසන්ධියේ නුවරඑළිය මහ රෝහල අසලින් ආරම්භ වීමට නියමිතය. එම පෙළපාලිය නුවරඑළිය නගරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.














