• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට පුනර්ජනනීය වැඩසටහනට ඉතාලි රජයේ සහාය

28 September 2020
in සංවර්ධන

ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි බැවින් ඒ වෙනුවෙන් තම රටේ සහාය ලබාදිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි එච්.ඊ. රීටා මැනෙල්ලා මහත්මිය පැවසුවාය.

තානාපතිනිය මේ බව පැවසුවේ, පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග පැවති නිල සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ලාභදායි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බැවින්, කසල වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන්ද අත්හදා බැලීම වඩාත් යෝග්‍ය බව තානාපතිනිය පැවසුවාය. එසේම ඒ වෙනුවෙන් තම රටට ආයෝජන හැකියාවක් පවතින බව ද ඇය අනාවරණ කළාය.

මේ වනවිට බොහෝ රටවලට දෛනිකව ඉවතලන ද්‍රව්‍ය කළමණාකරණය විශාල ගැටළුවක්ව පවතින අතර ශ්‍රී ලංකාවටද මෙම ගැටළුවට මුහුණදීමට සිදුවී ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

එම ගැටළුවට විසඳුමක් ලෙසින් මෙවැනි ව්‍යාපෘතියක් පිළිබදව සහයෝගය දැක්වීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරියට සිය ප්‍රසාදය ඵලකළේය.

පරිසරය අපවිත්‍රවීම මෙන්ම විශාල පරිසර දූෂණයකටද හේතුවක්වී ඇති මෙම කසල ගැටලුවට යම් ආර්ථිකමය වටිනාකමක් ලබාදෙමින්, රටේ සංවර්ධනයටද දායක කරගතහැකි ක්‍රමවේදයක් ලෙසින් කසල යොදාගනිමින් විදුලිය නිපදවිම පිළිබදව අදාළ අංශ දැනුවත්කර ඒ පිළිබදව වැඩිදුරටත් අධ්‍යයනය කරන බවත්, එය මෙරටේ නෛතික සහ සමාජමය රාමුවට මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයට කාලෝචිත විසඳුමක් වන්නේනම්, කසල කළමනාකරණයටද විසඳුමක් ලෙසින් ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයට ආරම්භයක් ලබාදීමට කටයුතු සලසන බවත්, අමාත්‍ය අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉතාලි තානාපති කාර්යාලයේ වාණිජ ලේකම් ඇන්ඩ්‍රියා බකරිනි මහතා ද සහභාගී විය.

Post Views: 3
Previous Post

 කථානායක නිල නිවසේ සර්ව රාත්‍රික පිරිත් පිංකම

Next Post

දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර ලබාදෙන්න – අගමැතිගෙන් උපදෙස්

editor

editor

Next Post

දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර ලබාදෙන්න - අගමැතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved